19 වන සංශෝධනය ලබන සතියේ පාර්ලිමේන්තුවට.

Friday, 28 June 2013 - 8:11

19+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

19 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට ගෙන එන බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය, කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඊට අදාළ ක්‍රියාවලීන් මේ දිනවල සිදුකෙරෙමින් පවතින බවයි. මහනුවර ප්‍රදේශයේ ඊයේ (27) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.  


[MP3]s61898_1[/MP3]

මේ අතර, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළේ ජාතික ගැටලූව විසඳීම සඳහා තේරීම් කාරක සභාවට  ඕනෑම කරුණක් ඉදිරිපත් කළ හැකි බවයි. එහෙත් අවසන් තීරණය ගනු ලබන්නේ මෙම තේරීම් කාරක සභාවේ බහුතරයේ අනුමැතියෙන් බවයි අමාත්‍යවරයා කියා සිටියේ. මහනුවර - කුණ්ඩසාලේ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.


[MP3]s61898_2[/MP3]