පොඩි මැණිකේ දුම්රියට 2 ක් බිලි.

Friday, 28 June 2013 - 8:31

%E0%B6%B4%E0%B7%9C%E0%B6%A9%E0%B7%92+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+2+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92.



මීරිගම - අම්බලංවත්ත අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදි ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මීරිගම දුම්රිය ස්ථානය සඳහන් කළේ මේ වනවිට මියගිය පුද්ගලයින් දෙදෙනාගේ මෘතශරීර දුම්රිය ස්ථානයට රැගෙනවිත් ඇති බවයි. කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ පොඩි මැණිකේ දුම්රියේ මෙම ලොරි රථය ගැටී තිබෙනවා. මේ අතර පසුගිය අඟහරුවාදා රාත්‍රියේ අලූත්ගම - ගනේවත්ත ප්‍රදේශයේ, අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක සිදුවූ දුම්රිය - වෑන් රථ ගැටුමකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.