13 ගැන බස්නාහිර, නැගෙනහිර ඡන්දවලදී මුස්ලිම් කොංග්‍රසය නිහඩයි.

Friday, 28 June 2013 - 12:47

13+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB%2C+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%80%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%84%E0%B6%A9%E0%B6%BA%E0%B7%92.


13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ආණ්ඩුව ගෙන එනු ලැබූ වෙනස්කම් නැගෙනහිර පළාත් සභාවට ඉදිරිපත් කිරීමේදී ඒ සඳහා ඡන්දය ලබාදීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබෙනවා. දැනටමත් මෙම සංශෝධන දෙකට වයඹ, දකුණ, ඌව, සබරගමුව සහ උතුරුමැද පළාත් සභාවල අනුමැතිය හිමිවී අවසන්. පළාත් සභා දෙකක් හෝ කිහිපයක් ඒකාබද්ධ කිරීම කළ නොහැකිවීම සහ සියලූ පළාත් සභාවල එකඟතාව වෙනුවට බහුතර පළාත් සභාවල එකඟතා මත තීරණ ක්‍රියාත්මක කිරීම යන්න මෙම සංශෝධන දෙකයි. මෙම යෝජනා දෙක වයඹ පළාත් සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඊට පක්ෂව ඡන්දය භාවිතා කළ මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට එරෙහිව විනය පියවර ගැනීමට එම පක්ෂය තීරණය කළා.


ඉදිරියේදී මෙය නැගෙනහිර, මධ්‍යම සහ බස්නාහිර පළාත් සභාවලට ඉදිරිපත් කිරීමට නියමිත අතර, බස්නාහිර පළාත් සභාවේදී ද මීට ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටින බවයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අස්ලාම් මොහොමඞ් සලීම් කියා සිටියේ.

 
[MP3]s61926[/MP3]                                         
 
37 දෙනෙකුගෙන් සමන්විත නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රී සංයුතියෙන් පාලන බලය හිමි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 22 ක්. ඉන් 7දෙනෙකු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන්. නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු වන ටී.එම්.වී.පී පක්ෂයේ නායක හිටපු අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් 13 වන සංශෝධනය වෙනස් කිරීමට විරෝධතාවය පළ කළා. අමාත්‍ය ඒ.එල්.එම් අතාවුල්ලා නායකත්වය දරන ජාතික කොංග්‍රසය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 3 දෙනෙකු ද අමාත්‍ය රිෂාද් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත්, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු තිදෙනෙකු ද නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරනවා. ඊට අමතරව, අමාත්‍ය විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණු මන්ත්‍රීවරයෙකු ද නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයට ඇතුළත්. දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් 11 දෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 4 දෙනෙකු පළාත් සභාවේ විපක්ෂය නියෝජනය කරනවා.