නවිපිල්ලේ අගෝස්තු 25 ශ්‍රී ලංකාවට.

Saturday, 29 June 2013 - 8:00

%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B6%9C%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+25+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ සිය ශ්‍රී ලංකා චාරිකාවේ දින වකවානු ඊයේ (28) හෙළිදරව් කළා. බී.බී.සී. දෙමළ සේවය සමග සාකච්ඡාවකට සහභාගි වෙමින් ඇය සඳහන් කළේ ලබන අගෝස්තු 25 වන දා සිට 31 වන දා දක්වා තමන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අපේක්ෂා කරන බවයි. ලක් රජය විසින් 2011 වසරේ අප්‍රේල් මාසයේ දී ඇයට ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස කළ ආරාධනයට අනුවයි මානව හිමිකම් කොමසාරිස්වරිය මෙරටට පැමිණෙන්නේ. යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන වර්ධනයන් සියැසින් දැක බලා ගැනීමට මෙම සංචාරයේ දී අවස්ථාවක් සැලසෙනු ඇතැයි ඇය විශ්වාසය පළ කළා. එමෙන්ම සියලූ පාර්ශවයන් හමුවී සාකච්ඡා කිරීමට අදහස් කරන බවයි නවනීදන් පිල්ලේ කියා සිටියේ. කෙසේ නමුත් මෙරට සිදුවී ඇතැයි කියන යුධ අපරාධ සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බව බී.බී.සී. දෙමළ සේවය සමග ඊයේ පැවැති සාකච්ඡාවේදී ඇය යළි කියා සිටියා.