මාස හයක් තුළ මාරක අනතුරු 880 ක්. 944 ක් මරුට.

Saturday, 29 June 2013 - 17:44

%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+880+%E0%B6%9A%E0%B7%8A.+944+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

ගත වූ මාස 6 ක කාලසීමාව තුළ මෙරට තුළ මාරක රිය අනතුරු 880 ක් වාර්තාවී තිබෙනවා. පොලිස් රථ වාහන අංශය ප්‍රකාශ කළේ මින් පුද්ගල මරණ 944 ක් සිදුව ඇති බවයි. එමෙන්ම, මෙම අනතුරුවලින් පුද්ගලයන් 2718 ක් බරපතල තුවාල ලැබුවා. මීට අමතරව, සුළු තුවාල සිදුවූ අනතුරු 5933 ක් වාර්තා වී තිබෙන බව සඳහන්. එමෙන්ම, ගත වූ මාස 6 තුළ පුද්ගල හානි සිදු නොවූ එහෙත් දේපල හානි සිදුවූ අනතුරු 6780 ක් වාර්තා වුණා. මාරක අනතුරුවලින් අනතුරු 87 ක් සිදුව ඇත්තේ බස් රථ අනතුරට ලක්වීමෙන් බව ද සඳහන්. පසුගිය 2012 වසරට සාපේක්ෂව සිදුවූ අනතුරුවල සුළු වැඩිවීමක් පෙන්නුම් කරන බව පොලිස් රථවාහන අංශය ප්‍රකාශ කළා. අධික වේගයෙන් රිය ධාවනය, රියදුරුට නින්දයාම සහ වෙනත් මාර්ග නීති උල්ලංඝනය කිරීම් මෙම අනතුරු බොහෝමයකට හේතු වී ඇති බව පොලිස් වාර්තාවල තවදුරටත් සඳහන්.



අංගොඩ ලොක්කාගේ ඡායාරූප සැසදේ
Tuesday, 04 August 2020 - 19:42

ඉන්දියාවේදී මියගොස් ඇති බවට වාර්තා වන මද්දුමගේ චන්දන ලසන්ත... Read More

ඡන්ද පෙට්ටි බෙදා හැර අවසන්
Tuesday, 04 August 2020 - 19:35

මහ මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම... Read More

දියණිය ඝාතනය කළ පියාට මරණ දඩුවම
Tuesday, 04 August 2020 - 19:05

තම දියණිය ඝාතනය කළ පියාට නුවරඑළිය මහා අධිකරණ විනිසුරු ප්‍රමිල... Read More