තේරීම් කාරක සභාවට යන්නේ නැහැ. ටී.එන්.ඒ. අවසන් තීරණයත් කියයි.

Sunday, 30 June 2013 - 7:33

%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92.+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ජාතික විසඳුමක් සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සහභාගි නොවීමට දෙමළ ජාතික සන්ධානය ඊයේ පස්වරුවේ තීරණය කළා. ඒ, එම සන්ධානයට අයත් දේශපාලන පක්ෂවල නියෝජිතයන් අතර පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුවයි. මෙම සාකච්ඡාවට ඉලංගෙයි තමිල්අරසු පක්ෂය, ටෙලෝ සංවිධානය, ප්ලොට් සංවිධානය, ටී.යූ.එල්.එෆ් සහ ඊ.පී.ආර්.එල්.එෆ්. යන දෙමළ සන්ධාන නියෝජිතයන් එක්ව සිටියා. සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්.

[MP3]s62037_1[/MP3]

උතුරේ මහ ඇමති අපේක්ෂකයා පිළිබඳවද මාධ්‍යවේදීන් මෙහිදී මන්ත්‍රිවරයාගෙන් කරුණු විමසුවා.

[MP3]s62037_2[/MP3]

මේ වනවිටත් මෙම තේරීම් කාරක සභාවට ආණ්ඩු පක්ෂය තම නියෝජිතයන් නම්කර අවසන්. දෙමළ ජාතික සන්ධානය ඊට සහය ලබා නොදුනහොත් ගන්නා පියවර කුමක්දැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් තීරණ දැනුම්දීමේ මධ්‍ය හමුවකදී මෙලෙස ප්‍රකාශ කළා.

[MP3]s62037_3[/MP3]