සහනාධාර පොහොර 25 % කින් කැපේ.

Sunday, 30 June 2013 - 12:44

%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+25+%25+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%9A.



සහනාධාර යටතේ වී ගොවීන්ට ලබාදෙන පොහොර ප්‍රමාණය රජය විසින් සියයට 25 කින් කපා හැර තිබෙනවා. ඒ අනුව එලෙස සහනාධාර යටතේ ලබාදෙන රසායනික පොහොර ප්‍රමාණය ටොන් ලක්ෂයකින් පමණ අඩුවනු ඇති. මෙමගින් රජයට වාර්ෂිකව රුපියල් බිලියන 7 ක මුදල් ඉතිරියක්ද සිදුවන බව සඳහන්. පොහොර සහනාධාරය සඳහා රජය වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 26.2 ක්.

 

කෙසේ නමුත්  කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ මෙරට වී වගා බිම් සඳහා ප්‍රමාණය ඉක්මවා රසායනික පොහොර යොදා ඇති බවයි. මේ නිසා එම ප්‍රමාණයෙන්ම රසායනික පොහොර යෙදීමෙන් ඵලදාව වැඩි කිරීමට නොහැකිවන බව අමාත්‍යාංශයේ අදහසයි. මේ නිසා වගා කටයුතු සඳහා ගොවීන් කාබනික පොහොර වෙත යොමුකළ යුතු බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා. එම අමාත්‍යාංශයේ ලේකම් විජේරත්න සකලසූරිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මීට මාස කිහිපයකට කලින් ගොවීන්ට එකවර කන්න 15 ක් සඳහා පොහොර ලබාදී බවයි. එමෙන්ම, පොළොවට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් රසායනික පොහොර යෙදීම පාරිසරික වශයෙන් ඉදිරියේදී මතුවෙන ගැටලූවක් බවට පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවයි ලේකම්වරයා සඳහන් කළේ.  

 

කෙසේ වෙතත්, පසුගියදා පොළොන්නරුව - ගල්ලෑල්ල පොහොර මධ්‍යස්ථානය අසල සහ මහියංගනය පොහොර ගබඩාව පිහිටා තිබෙන පාලම් හංදිය අසල ද ගොවීන් විසින් විරෝධතාවයක නිරත වුණා. ඒ සහනාධාර ක්‍රමයට පොහොර ලබා දෙන බව ආණ්ඩුව පැවසුවත් මුදල් ලබාදී හෝ පොහොර ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවටයි ගොවීන් චෝදනා කළේ. මේ පසුගියදා මහියංගනයේ පැවති විරෝධතාවයේදී දැක්වූ අදහස් කිහිපයක්.

 
[MP3]s62058[/MP3]