ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ගුවන් රංගනයක් කරළියට.

Tuesday, 02 July 2013 - 12:52

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7.


 

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු බීමත්ව ඉහළ අහසේ දී මගී ගුවන් යානයක දොර ඇරීමට දැරූ උත්සාහයක් පිළිබදව ඇමරිකානු වෙබ් අඩවි වාර්තා කර තිබෙනවා. බටහිර ඉන්දීය කොදෙව් හි පැවැති තරගාවලිය නිමා වී ශාන්ත ලූසියා සිට ලන්ඩනයේ ගැට්වික් ගුවන් තොටුපළ වෙත ගමන් ගත් බ්‍රිටිෂ් එයාර්වේස් බෝයිං 777 ගුවන් යානයක දොර ඇරීමට ඔහු ප්‍රයත්න දරා ඇත්තේ අඩි 35,000ක් ඉහළ අහසේයි. මගීන් 229 දෙනෙකු ගමන් කර ඇති අතර, ඔවුන් මෙම සිද්ධියෙන් දැඩි කලබලයට පත්වූ බවත් වාර්තා වනවා. ගුවන් යානයේ වැසිකිලිය යැයි සිතා තමන් පිටුපස දොර ඇරීමට උත්සාහ කළ බවයි එම ක්‍රීඩකයා පවසා ඇත්තේ.  

 
ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් පිළ රාත්‍රී ගුවන් ගමන නිම කොට බ්‍රිතාන්‍ය වේලාවෙන් ඊයේ (01) උදෑසන 8 ට ලන්ඩනයේ ගැට්වික් ගුවන් තොටුපළ වෙත ළඟා වී තිබෙනවා. පසුව ඔවුන් වෙනත් ගුවන් යානයකින් ශ්‍රී ලංකාව වෙත පැමිණි බවයි අන්තර් ජාල වාර්තා සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් තොටුපළ ආරක්ෂකයන් දැනුවත් කළ ද පොලීසිය කැදවීමක් සිදුනොකළ බවයි බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවය ප්‍රකාශ කළේ. මෙය සුළු සිද්ධියක් ලෙස හැදින්වූ ගුවන් සේවයේ ප්‍රකාශකයා තවදුරටත් කියා සිටියේ ගුවන් යානයේ පිටුපස දොර ඉහළ අහසේ දී එලෙස විවෘත කිරීම අතිශය දුෂ්කර බවයි.