බස් ගාස්තු ඉහළ යාම තවත් කල් යයි.

Tuesday, 02 July 2013 - 19:08

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

මුදල් අමාත්‍යාංශය ලබාදුන් උපදෙස්වලට අනුව බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා යළි පිරිවැය ගණනය කිරීමක් සිදුකරන ලෙස පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය ජාතික ගමනාගමන කොමිසම් සභාව වෙත දැනුම්දී තිබෙනවා. මීට පෙර මුදල් අමාත්‍යාංශයෙන් බස් ගාස්තුව ගණනය කිරීම සඳහා උපදෙස් ඉල්ලා තිබූ අතර ඒ අනුව ඊයේ (1) එම උපදෙස් තමන් වෙත ලැබුණු බවයි පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න ප්‍රකාශ කළේ. ඒ අනුව නව බස් ගාස්තුව ප්‍රකාශයට පත් කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව ලේකම්වරයා කියා සිටියා.

[MP3]s62219_1[/MP3]                                      

කඩිනමින් සංශෝධිත බස් ගාස්තුව ප්‍රකාශයට පත් නොකළහොත් ගන්නා ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා තම සංගමයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය හෙට කොළඹට කැඳවා ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට තවදුරටත් කරුණු දැක්වූ එහි සභාපති ගැමුණු විජේරත්න.
 
[MP3]s62219_2[/MP3]