හෙළ උරුමයෙන් වමට අභියෝගයක්.

Wednesday, 03 July 2013 - 7:42

%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


උතුරේ මැතිවරණයත් සමග 13 වන සංශෝධනය සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන වේදිකාවේ අඛණ්ඩව අදහස් පළ වනවා.
 
එක්සත් ජාතික පක්ෂය කොළඹ ඊයේ (02) කැදවා තිබූ මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ලේකම් කේ. වේලායුදන් සඳහන් කළේ ඉන්දියාව 13 වන සංශෝධනය සම්බන්ධයෙන් දරන ස්ථාවරය ප්‍රකාශ කළ යුතු බවයි.

[MP3]s62239_1[/MP3]

ජනතා විමුක්ති පෙරමුණ විසින් අනුරාධපුරයේ ඊයේ (02) සංවිධානය කරන ලද රැස්වීමකට එක්වෙමින් අදහස් දැක්වූ එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පළාත් සභා ක්‍රමයේ ගැටළුව සියලූ දෙනාට දැන් අවබෝධ වී ඇතැයි ප්‍රකාශ කළා.

[MP3]s62239_2[/MP3]

පළාත් සභා එපා යන තේමාව යටතේ පළාත් සභා අහෝසි කිරීමේ ජාතික එකමුතුව ඊයේ (02) මහරගම නගරයේදී සමුළුවක් කැඳවා තිබුණා. එහිදී අදහස් දැක්වූ ජාතික හෙළ උරුමයේ ලේකම්, අමාත්‍ය පාඨලී චම්පික රණවක වමේ පක්ෂවලට අභියෝගයක් කළා.

[MP3]s62239_3[/MP3]

මේ අතර, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායකද කොළඹ ඊයේ (02) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පළාත් සභා බලතල පිළිබඳව මෙලෙස අදහස් පළ කර සිටියා.
 
[MP3]s62239_4[/MP3]