අවුරුදු 195 කට පසු ඇහැලේපොල වලව්වට නිදහස.

Wednesday, 03 July 2013 - 12:43

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+195+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%87%E0%B7%84%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B7%80%E0%B6%BD%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83.

වසර 195 ක් පමණ සිර මැදිරියක් ලෙස පවත්වාගෙන ගිය ඇහැලේපොළ මහ අධිකාරම් වලව්ව රජයට භාරදීමට පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව එළඹෙන 13 වැනිදා එය ජනාධිපතිවරයා වෙත භාරදීමට කටයුතු කරන බවයි අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර ප්‍රකාශ කළේ. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මහනුවර -  ඇහැලේපොළ මහ අධිකාරම් වලව්ව රජයට භාරදීමට පෙර එහි නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (02) එක්වෙමින්.

[MP3]s62266[/MP3]                                                                 

 

ඇහැලේපොල මහ අදිකාරම්ගේ සම්පූර්ණ නම ඇහැලේපොල සෙනෙවිරත්න සේනානායක චන්ද්‍රතිලක විජේසුන්දර දිසානායක අමරකෝන් වාහල පණ්ඩිත මුදියන්සේ ය. ඇහැලේපොල පවුල මුහුණදුන් ඛේදවාචකය රටේ සිංහල ඉතිහාසය දන්නා සියලූ දෙනාම දන්නා වූ කරුණකි. සභ්‍ය වූ කතා විලාශය සහ ආචාරසම්පන්න බව නිසා ඇහැලේපොල මහ නිලමේට බොහෝ දෙනා ඇළුම් කළ බව ඉතිහාස පොත්පත්වල සඳහන් වන අතර පිළිමතලව්වේ නිලමේගේ බලලෝභී කුමන්ත්‍රණයක් නිසා ඇහැලේපොල පවුල විනාශ වූ බවද ඒවායේ සඳහන්. ඇහැලේපොල අදිකාරම්ගේ බිසව වූ ඇහැලේපොල කුමාරිහාමි පිළිමතලව්වේ පරපුරේ කෙනෙක් වීම ඊට තවත් අනුබල සැපයූ කරුණක් වුණා. පවුල විනාශ කළත්, ඉංගී‍්‍රසින්ගේ අත්අඩංගුවට පත් ශ්‍රී වික්‍රමසිංහ රාජසිංහ රජු ඇහැලේපොලට එරෙහිව ප්‍රකාශ රැසක් සිදුකර ඇති අතර, ඇහැලේපොල නිලමේගේ ප්‍රධාන අරමුණ කුරුරි රජු බලයෙන් නෙරපීම සඳහා ක්‍රියාත්මක වූ බවද ඇතැම් ඉතිහාසඥයන් පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, 1825 වසරේදී ඇහැලේපොල මහ නිලමේ මුරුසියට පිටුවහල් කර ඇති අතර, 1829 දී ඔහු මියයන විට ඔහුගේ වයස අවුරුදු 56 ක්. මුරුසියේ ඔහු ගත කළ කාලය තුළදීද එහි ජනතාව සමග ඉතා සුහදව කටයුතු කළ පුද්ගලයෙකු ලෙස ඇහැලේපොල මහ නිලමේ පිළිබඳව සටහන් වී තිබෙනවා.