ඇමති විමල්ට එරෙහිව පැමිණිල්ලක්.

Wednesday, 03 July 2013 - 12:54

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.

කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති ජී.එච්.බුද්ධදාස අද (03) මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැමිණිල්ලක් භාරදෙනු ලැබුවා. ඒ, ඡන්ද හිමි නාම ලේඛණ ප්‍රතිශෝධනය කරන මෙම කාල වකවානුවේදී කඩුවෙල නගර සභා බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් වෙත අමාත්‍ය විමල් වීරවංශ ජංගම දුරකතන සහ ගමන් මළු බෙදා හැර ඇති බව පවසමින්. මීට අදාළ පැමිණිල්ල මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය වෙත භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නගරාධිපතිවරයා කියා සිටියේ අද දිනයේ මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වෙත සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙතද තමන් පැමිණිලි කරන බවයි.

 
[MP3]s62268_1[/MP3]              

 

මෙහිදී කඩුවෙල නගරාධිපති ජී.එච්.බුද්ධදාස, අමාත්‍ය විමල් වීරවංශ පිළිබඳව තවදුරටත් මෙලෙස අදහස් පළ කළා.

 
[MP3]s62268_2[/MP3]