ගුරුවරිය දණ ගැස්වූ විදුහලේ සියලූ ගුරුවරු ලෙඩ වෙයි.

Thursday, 04 July 2013 - 12:35

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%BD%E0%B7%99%E0%B6%A9+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

පළාත් සභා මන්ත්‍රීවරයෙකු විසින් ගුරුවරියක දණ ගැස්වීමේ සිද්ධිය වාර්තාවූ නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරුවරුන් අද ලෙඩ නිවාඩු වාර්තා කර තිබෙනවා. ඒ, විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරුන් දෙදෙනා වෘත්තීය විශ්වාසය කඩකර ඇති බව පවසමින්. අද (4) පෙරවරුවේ මෙම විදුහලේ ගුරුවරුන් සේවයට පැමිණ ඇති නමුත් පාසලේ විදුහල්පතිවරයාට අසනීප නිවාඩු වාර්තා කරන බව දැනුම් දී තිබෙනවා. මේ වනවිටත් සියලූ ගුරුවරු පාසල් භූමිය තුළ රැඳී සිටියද ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්ව සිටින බවයි එම පාසලේ ගුරුවරුවයෙකු හිරු ප්‍රවෘත්ති අංශය වෙත සඳහන් කළේ.

 

[MP3]s62333_1[/MP3]      

 

මෙම නියෝජ්‍ය විදුහල්පතිවරුන් දෙදෙනා වහාම වෙනත් පාසලකට මාරු කිරීමට කටයුතු නොකළහොත් තවදුරටත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරතවන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටියා.

 

[MP3]s62333_2[/MP3]                                 

 
හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් පුත්තලම අතිරේක කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ අර්ජුන පරාක්‍රමගෙන්ද විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ අදාළ නියෝජ්‍ය විදුහල්පතිවරුන් දෙදෙනා සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබඳ වාර්තාවක් කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා වෙත යොමු කරන බවයි.