ආපදා ඇමතිගේ කරුණු නැති ආපදා වාර්තාව ජනපතිට.

Thursday, 04 July 2013 - 18:55

%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7.

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හා ඉන් ඇතිවු ජීවිත සහ දේපළ හානි තත්ත්වය පිළිබඳව පරීක්ෂා කිරීමට පත්කළ ත්‍රි පුද්ගල කමිටුව සිය වාර්තාව අද (04) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දුන්නා. එම අවස්ථාවට කමිටුවේ සභාපති කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන ඒ.ඩබ්ලිව්. මොහොට්ටාල ඇතුළු කමිටු සාමාජිකයින් සහභාගී වී සිටියා. හිටපු මහාධිකරණ විනිසුරු සී.රාජපක්ෂ සහ ඒ.දිසානායක කමිටුවේ සෙසු සාමාජිකයින්.

ආයතන සහ පුද්ගලයින් තිස් දෙදෙනෙකුගෙන් කමිටුව සාක්ෂි සටහන් කරගෙන තිබෙනවා.  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කාරියවසම්, ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරිය, ටෙලිකොම් ආයතනය, මාධ්‍ය ආයතන සහ ධීවර සමිති ද එම සාක්ෂි සටහන් කරගත් කණ්ඩායම්වලට අයත්. එමෙන්ම, ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් නිලධාරීන්ගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුවයි වාර්තාව සකස් කර ඇත්තේ. ඉදිරියේදී ඇතිවිය හැකි ආපදා තත්ත්වයකදී සිදුවන හානි අවම කර ගැනීමට කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද මෙමඟින් නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

අප මේ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීරගෙන්ද කරුණු විමසීමක් කළා. අමාත්‍යවරයා කියා සිටියේ අදාළ කමිටු වාර්තාවේ අන්තර්ගත වී ඇති නිර්දේශ කවරේදැයි තමා නොදන්නා බවයි. කමිටුවට තමන්වද කැඳවනු ඇතැයි අපේක්ෂාවෙන් සිටියද එවැන්නක් සිදුනොවූ බවද අමාත්‍යවරයා සඳහන් කළා. පසුගිය ජුනි 08 වැනිදා දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට ඇතිවු මෙම සුළි කුණාටු තත්ත්වයෙන් මියගිය ධීවරයින්ගේ සංඛ්‍යාව 60 කට අධිකයි.



දියණිය ඝාතනය කළ පියාට මරණ දඩුවම
Tuesday, 04 August 2020 - 19:05

තම දියණිය ඝාතනය කළ පියාට නුවරඑළිය මහා අධිකරණ විනිසුරු ප්‍රමිල... Read More

අල්ලස් ලබා ගත් ප්‍රාදේශීය සභා කාර්යාල සහායකවරයෙකුට සිරදඬුවම්
Tuesday, 04 August 2020 - 18:58

ඉඩමක් පවරා ගැනීම සඳහා ලිපියක් සකස් කරදීමට රුපියල් 2000 ක අල්ලස්... Read More

දඹුල්ලේ සම්භාහන මධ්‍යස්ථාන දෙකක් වටලයි
Tuesday, 04 August 2020 - 18:53

කොවිඩ් වසංගතය හේතුවෙන් සම්භාහන මධ්‍යස්ථාන සඳහා අවසර ලබාදී... Read More