වාස් ගුණවර්ධනගේ බිරිඳට අධිකරණයෙන් තරයේ අවවාද.

Thursday, 04 July 2013 - 18:57

%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ වන ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා  කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් අද (04) තරයේ අවවාද කර මුදාහරිනු ලැබුවා. බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන මොහොමඞ් සියාම් නැමැත්තා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්ෂිකරුවන්ට බලපෑම් සහ තර්ජනය කරන ලදැයි ඇයට චෝදනා එල්ල වී තිබුණා.

මෙම නඩුව පසුගිය 25 වැනිදා කැඳවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ.එම්. සහබ්දීන් නියෝග කළේ ජුලි 09 වැනිදා ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා නැමැත්තියට අධිකරණයේ පෙනී සිටින ලෙසයි. එහෙත් ඇගේ නීතිඥ අජිත් පතිරණ, අද ඇයව ඉදිරිපත් කරන බව මෝසමක් මගින් අධිකරණයට දැනුම් දී තිබුණා. ඒ, 09 වැනිදා ඇයට අධිකරණයේ පෙනී සිටීමට අපහසුතාවයක් ඇතැයි පවසමින්.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳට අධිකරණය තරයේ අවවාද කරමින් අද කියා සිටියේ සාක්ෂිකරුවන්ට කිසිදු බලපෑමක් හෝ තර්ජනයක් නොකරන ලෙසයි. බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.