වයඹ මධ්‍යම පළාත් සභා අද විසුරුවා හැරේ.

Friday, 05 July 2013 - 7:39

%E0%B7%80%E0%B6%BA%E0%B6%B9+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%9A.

වයඹ සහ මධ්‍යම පළාත් සභා අද (05) දිනයේ විසුරුවා හැරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසනවා. පළාත් සභා විසුරුවා හැරීම සම්බන්ධයෙන් වන ලේඛන සඳහා මේ වනවිට තමන් අත්සන් තබා ඒවා පළාත් ආණ්ඩුකාරවරුන් වෙත භාරදී ඇති බව වයඹ සහ මධ්‍යම පළාත් සභාවල මහ ඇමතිවරුන් ද ඊයේ හිරු ප්‍රවෘත්ති අංශය වෙත ප්‍රකාශ කළා. මේ අතර, ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් පළාත් සභාව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ප්‍රශ්න කර සිටියා. ඊට ඔහු ලබා දුන්නේ මෙවන් පිළිතුරක්.

[MP3]s62369[/MP3]
 
මෙම පළාත් සභා දෙක විසුරුවා හැරීමෙන් පසු, ඡන්ද විමසීම සදහා කැදවන අවස්ථාවේ උතුරු පළාත් සභා මැතිවරණය ද පැවැත්වීමට රජය සූදානම් බවයි වාර්තා වන්නේ. ඒ අනුව, ලබන සැප්තැම්බර් මාසයේදී මෙම පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නියමිත බව රජයේ ප්‍රකාශකයෙකු සදහන් කළා. මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ ජනාධිපතිවරයා හෝ ආණ්ඩුකාරවරයා විසින් පලාත් සභා විසුරුවා හැරීමේ නිවේදනය නිකුත් කර සතියක් ඇතුලත නාමයෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කරන බවයි. එම ගැසට් නිවේදනය නිකුත් කළ දින සිට දින 14 ත් 21 ත් ඇතුළත නාම යෝජනා කැඳවිය යුතුයි. නාමයෝජනා කැඳවීම අවසන් වන දිනයේ සිට සති පහත් 8 ත් ඇතුලත ඡුන්දය පැවැත්විය යුතු වනවා. ඒ අනුව බොහෝ දුරට සැප්තැම්බර් මස තුන්වන සතියේ හෝ අවසන් සතියේ මැතිවරණය පැවත්වනු ඇති.