ඊජිප්තු හමුදාව තවදුරටත් අණසක පතුරුවයි.

Friday, 05 July 2013 - 7:51

%E0%B6%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AB%E0%B7%83%E0%B6%9A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92.



ඊජිප්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් තේරී පත් වූ ප්‍රථම ජනාධිපති මොහොමඞ් මොර්සි බලයෙන් පහකිරීමෙන් පසු එරට හමුදාව දැන් තවදුරටත් සිය අණසක පතුරුවමින් සිටිනවා. මොහොමඞ් මොර්සි ඇතුළු ඉස්ලාමීය සහෝදරත්වයේ නායකයන් රැසක් දැන් හමුදාව විසින් රදවාගෙන සිටින අතර, තවත් ක්‍රියාකාරීන් රැසක් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව සදහන්. කෙසේ නමුත්, ඊජිප්තු හමුදාව ප්‍රකාශ කළේ කිසිදු දේශපාලන පක්ෂයකට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු නොකරන බවයි. එහෙත්, නව පාලකයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම ඉස්ලාමීය සහෝදරත්වය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. හමුදා කුමන්ත්‍රණය අවසන් කොට මොහොමඞ් මොර්සි ඇතුළු නායකයන් වහා නිදහස් කරන්නැයි ඉස්ලාමීය සහෝදරත්වය ඊයේ ප්‍රකාශ කළා. හමුදා කුමන්ත්‍රණයට එරෙහිව ඔවුන් අද කයිරෝ නුවර දැවැන්ත රැලියක් සූදානම් කර තිබෙනවා. ඊජිප්තු හමුදාව ප්‍රකාශ කළේ සාමකාමී විරෝධතාවන්ට ඇති අයිතිය තමන් තහවුරු කරන බවයි.