ලතින් ඇමරිකාවෙන් එක්සත් ජනපදයට රතු එළියක්.

Friday, 05 July 2013 - 13:24

%E0%B6%BD%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.



රුසියාවේ සිට නැවත සියරට පැමිණෙමින් සිටි ගුවන් යානයට යුරෝපීය ගුවන්තොටුපලවල ගොඩබෑම ජනාධිපති බැරැක් ඔබාමා විසින් වැළැක්වූ බවට චෝදනා කරන බොලීවියානු ජනාධිපතිවරයා, එරට ඇමරිකානු තානාපති කාර්යාලය වසා දැමීමට සැරසෙනවා. පසුගිය සතියේ මෙලෙස ජනාධිපති ඊවෝ මොරාලෙස්ගේ ගුවන් යානය යුරෝපීය ගුවන්තොටුපලවලින් ප්‍රතික්ෂේප කළේ ඇමරිකාවට එරෙහිවූ රහස් ඔත්තු නියෝජිත එඞ්වඞ් ස්නෝඩන් එහි සිටින බවට සැකයෙන්. ස්නෝඩන් දේශපාලන රැකවරණ අපේක්ෂා කරන්නේ ලතින් ඇමරිකානු රටකයි. මේ අතර, ජනාධිපති මොරාලෙස්ට සහය පළ කරමින් ලතින් ඇමරිකානු රටවල් රැසක නායකයන් ඊයේ විශේෂ සමුළුවක් ද සංවිධාන කර තිබුණා. බොලීවියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සිය රටට ද ස්වෛරීත්වයක් සහ ගෞරවණීයභාවයක් පවතින බවයි. ඇමරිකා එක්සත් ජනපදයෙන් තොරව ලතින් ඇමරිකානු රටවල් දේශපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතින් ඉදිරියට යනු ඇති බව ඔහු සඳහන් කළා. බොලීවියානු නායකයාට සහය පල කිරීම සඳහා ආර්ජන්ටිනාව, උරැගුවේ, ඉක්වදෝරය සහ වෙනිසියුලාව සහ සුල්නාම් රාජ්‍යයන්හි නායකයන් එක්වුණා.