ඊජිප්තුව යළි උණුසුම්.

Saturday, 06 July 2013 - 7:49

%E0%B6%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A.

ඊජිප්තු හමුදාව විසින් බලයෙන් පහ කළ ජනාධිපති මොර්සිගේ ආධාරකරුවන් සහ ඔහුගේ විරුද්ධවාදීන් අතර, කයිරෝ නුවර ඊයේ (05) ගැටුම් හට ගත්තා. ජනාධිපති මොර්සි නැවත බලය පිහිටුවන ලෙස ඔහුගේ ආධාරකරුවන් පැවැත්වූ උද්ඝෝෂණයකට ඊජිප්තු හමුදාව වෙඩි තැබූ බව විදෙස් වාර්තාකරුවන් ප්‍රකාශ කළා. කයිරෝ නුවර මෙන්ම ඇලෙක්සැන්ඩි‍්‍රයා නුවර ද මෙලෙස විරෝධතා පැවැති අතර, ගැටුම්වලදී පුද්ගලයන් 26 දෙනෙකු මිය ගොස් තවත් 318 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මේ අතර, හිටපු ජනාධිපති මොර්සිගේ ඉල්ලාමීය සහෝදරත්වයේ තවත් ක්‍රියාකාරීන් පිරිසක් හමුදාව විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබූ බව වාර්තා වුණා.