13 ඉක්මවූ දේශපාලන විසඳුමකට යන්න. - ඉන්දියාව.

Saturday, 06 July 2013 - 12:57

13+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80.

මෙරට දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් ඍජු සංවාදයක් සඳහා ඉහළ පෙලේ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් නුදුරේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශිව් ෂංකර් මෙනන් හෙට (07) රාත්‍රියේ දිවයිනට පැමිණෙන අතර, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් ද නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති.  

 

මේ අතර උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ නියෝගය ඉන්දියාව ප්‍රසාදජනක ලෙස පිළිගත්තා. කෙසේ නමුත් 13 වන සංශෝධනයෙන් ඔබ්බට යමින් පොරොන්දු වූ දේශපාලන විසඳුම කරා ශ්‍රී ලංකාව යොමුවිය යුතු බවයි ඉන්දියාව පවසා ඇත්තේ. ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් සමග බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඊයේ (05) පැවැත්වූ සාකච්ඡාවේදී මේ බව අවධාරණය කළේ යැයි හින්දු පුවත්පත වාර්තා කළා. අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශිව් ෂංකර් මෙනන් සහ විදේශ ලේකම් රංජන් මතායි සමගද සාකච්ඡා කළා.

 

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබඳතා පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමුවූ අතර, අමාත්‍යවරයාගේ ඉන්දීය චාරිකාව 13 වන සංශෝධනය සඳහා සිදුකිරීමට යෝජිත වෙනස්කම් පිළිබඳව ඉන්දියාව දැනුවත් කිරීමේ අරමුණින් සිදු කෙරෙන බව දැනුම් දී තිබුණේ යැයි හින්දු පුවත්පත අනාවරණ කළා. ඉන්දියාව මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්නේ එය 1987 වසරේ ඉන්දු - ලංකා ගිවිසුමේ  ප්‍රථිඵලයක් වීම නිසයි.



 

මේ අතර ඉන්දීය අයි.ඒ.එන්.එස්. ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ 13 වන සංශෝධනය මගින් පළාත්වලට හිමිවන බලතල දියාරු කිරීමට කටයුතු නොකරන ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඉල්ලීමක් කළ බවයි. ව්‍යවස්ථා වෙනස්කම් පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සියලූ පාර්ශවයන්ගේ අදහස් ලබාගත යුතු බවද ඉන්දියාව මෙහිදී අවධාරණය කර තිබෙනවා.