වළල්ලාවිට ප්‍රාදේශීය සභා සභාපතිවරයා රිමාන්ඞ්.

Saturday, 06 July 2013 - 18:39

%E0%B7%80%E0%B7%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A.

රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබා ගැනීමට තැත් කිරීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගත් කළුතර - වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරළ ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා. ඒ සැකකාර ප්‍රාදේශීය සභා සභාපතිවරයා අද මතුගම අතිරේක දිසා විනිසුරු හා වැඩබලන මහේස්ත්‍රාත් ආර්.ඒ.එම් රාජපක්ෂ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබා ගැනීමට තැත් තළ කළුතර - වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිළධාරීන් විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත්තා. පස් ප්‍රවාහන බලපත්‍රයක් ලබාදීම සඳහා බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් මෙම අල්ලස් මුදල ලබා ගැනීමට උත්සාහ කළ බවටයි චෝදනා එල්ල වී තිබුණේ. ප්‍රාදේශීය සභා සභාපතිවරයා අද අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා සභාපතිවරයා අසනීප තත්ත්වයකින් පෙළෙන බව අධිකරණයට දැනුම්දී තිබෙනවා. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ බන්ධනාගාර අධිකාරිවරයාගේ මාර්ගයෙන් බන්ධනාගාර රෝහල වෙත යොමුකරන ලෙසයි.