මැ.කො. පක්ෂ නියෝජිතයන් හමුවේ.

Saturday, 06 July 2013 - 18:49

%E0%B6%B8%E0%B7%90.%E0%B6%9A%E0%B7%9C.+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A.

වයඹ, මධ්‍යම සහ උතුරු පළාත් සභා මැතිවරණවලට අදාළ නාම යෝජනා කැඳවීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ලබන 11 වැනි දිනට පෙර සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඒ අනුව, නාම යෝජනා කැඳවන දිනය, සහ ඒ ඒ පක්ෂ සඳහා නාම යෝජනා ලබාදෙන කාලය මෙමගින් දැනුම් දෙන බවයි. එමෙන්ම, මැතිවරණය පවත්වන දිනය ද මෙමගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. සැප්තැම්බර් මස 21 හෝ 28 වයඹ, මධ්‍යම සහ උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිත බවයි දැනට වාර්තා වන්නේ. වයඹ සහ මධ්‍යම පළාත් සභා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හැරුණා. මීට අමතරව උතුරු පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඊයේ නිළ වශයෙන්  දැනුම් දෙනු ලැබුවා.   

මේ අතර, මැතිවරණ කොමසාරිස්වරයා සහ දේශපාලන නියෝජිතයින් අතර, විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. මෙහිදී අවතැන් වූ ඡන්ද දායකයින් සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමුවූ බවයි ඒ සඳහා සහභාගි වූ පක්ෂ නියෝජිතයින් ප්‍රකාශ කළේ.

සාකච්ඡාවෙන් අනතුරුව, එක්සත් ජනතා සන්ධානය නියෝජනය කරමින් ඊට සහභාගි වූ නීතීඥ පාලිත ගමගේ මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.

[MP3]s62490_1[/MP3]               

මෙම සාකච්ඡාවට සහභාගි වූ එක්සත් ජාතික පක්ෂයේ උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා කියා සිටියේ සාධාරණ මැතිවරණයක් පවත්වනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.

[MP3]s62490_2[/MP3]     

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් මීට එක්වූ එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පළ කළේ මෙවන් අදහසක්.
 
[MP3]s62490_3[/MP3]