දුම්රිය සේවකයන් පිරිසක් අද වර්ජනයක.

Sunday, 07 July 2013 - 7:41

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A.

දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව අද (7) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට නියමිතව තිබෙනවා. එම එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගැනීමට දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ඊයේ රාත්‍රියේ තීරණය කළ බවයි.

[MP3]s62504_1[/MP3]

මේ අතර, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් අද දිනයේ පැවැත්වීමට නියමිත බව එහි සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා. එහිදී ඉදිරියේදී සංශෝධනය වීමට නියමිත බස් ගාස්තු සම්බන්ධයෙන් සහ ඊට ආණ්ඩුව දක්වන ප්‍රතිචාරයන්ට ගන්නා වෘත්තීය ක්‍රියාමාර්ගයන් පිළිබඳවද අවධානය යොමුකරන බවයි ඔහු කියා සිටියේ.

[MP3]s62504_2[/MP3]

කෙසේ වෙතත්, සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය මේ වනවිටත් ගාස්තු සංශෝධනයක් වෙනුවට ඉන්ධන සහනාධාරයක් සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙනවා. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරන එහි ලේකම් අංජන ප්‍රියංජිත්.

[MP3]s62504_3[/MP3]