ගාස්තු ගැන බස් සංගම් ජනපති සමග හෙට සාකච්ඡාවක.

Sunday, 07 July 2013 - 12:43

%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A.

බස් සංගම් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් හෙට (08) පස්වරුවේ පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකාරක විජයානන්ද හේරත් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා. බස් ගාස්තු සංශෝධනය පිළිබඳව එහිදී අවධානය යොමුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

සංශෝධිත බස් ගාස්තුව ප්‍රකාශයට පත් කිරීමට පෙර ඒ සම්ිබන්ධයෙන් උපදෙස් ලබාගැනීමට පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යාංශය එය මුදල් අමාත්‍යාංශය වෙත යොමු කළා. ඒ අනුව මුදල් අමාත්‍යාංශය ලබාදුන් උපදෙස්වලට අනුව බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා යළි පිරිවැය ගණනය කිරීමක් සිදුකරන ලෙස පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යාංශය ජාතික ගමනාගමන කොමිසම් සභාව වෙත පසුගියදා දැනුම්දෙනු ලැබුවා.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සිදුකළ යුත්තේ ජූලි මස 1 වැනිදායි. බස් සංගම් ඉල්ලා සිටින්නේ සියයට 10 ක බස් ගාස්තු වැඩිවීමක්. කෙසේ වෙතත් ජනාධිපතිවරයා සමග හෙට පැවැත්වෙන සාකච්ඡාව සඳහා සහභාගි වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් කළා.

[MP3]s62522[/MP3]
 
මේ අතර නියමිත පරිදි වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සිදු නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මීට පෙර ප්‍රකාශ කර තිබුණා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡ කිරීම සඳහා එම සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලය අද පෙරවරුවේ රැස්වූ අතර එහිදී ඔවුන් තීරණය කර ඇත්තේ සඳුදායින් ඇරඹෙන සතියේ  ඕනෑම දිනක නොදන්වා බස් වර්ජනයකට යෑමටයි. එමෙන්ම ජනාධිපතිවරයා සමග හෙට පැවැත්වෙන සාකච්ඡාවට සහභාගි නොවීමටද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.