මී පාසානම් කැවී එකම පවුලේ දරුවන් දෙදෙනෙකු මරුට.

Sunday, 07 July 2013 - 18:41

%E0%B6%B8%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B7%80%E0%B7%93+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

මාතර - කඹුරුපිටිය - රන්සෑගොඩ උතුර -  වෙලේදෙණිය ප්‍රදේශයේ එකම පවුලේ කුඩා දරුවන් දෙදෙනෙකු මී පාසානම් ශරීරගතවීමෙන් අද (07) දහවල් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ තුන් හැවිරිදි සහ 6 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බවයි. සිය නිවසේ මීයන් වඳ කිරීම සඳහා යොදා තිබූ මී පාසානම් කුඩා දරුවන් දෙදෙනා ආහාරයට ගැනීම නිසා මොවුන් මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කළා. මී පාසානම් ශරීරගතවීමෙන් අනතුරුව දරුවන් දෙදෙනා ආඳපාන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි ජීවිතක්ෂයට පත්වී ඇත්තේ.