ජනපති ප්‍රහාරය හෙළා දකී. - අගමැති පරීක්ෂණයක් ඉල්ලයි.

Sunday, 07 July 2013 - 18:43

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93.+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

ආගමික සිද්ධස්ථානවල ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීම සාමය අගයන සමස්ත ලෝකයට මෙන්ම මනුෂ්‍ය වර්ගයාට ද සිදුකරන නිගාවක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියට අද (07) අලූයම එල්ල වූ බෝම්බ ප්‍රහාරය තමන් තරයේ හෙළා දකින බවයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ. නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ බෝම්බ ප්‍රහාරයෙන් පීඩාවට පත් වූ බැතිමතුන්ට තම බලවත් කණගාටුව ජනාධිපතිවරයා පළ කර ඇති බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බිහාර් ප්‍රාන්තයේ මහඇමති තිතිෂ් කුමාර් වෙත දුරකථනයෙන් අමතා බැතිමතුන්ගේ වත්මන් තත්ත්වය පිළිබද කරුණු සොයා බලා තිබෙනවා.

 

මේ අතර, ඉන්දියාවේ බුද්ධගයා මහාබෝධි විහාරයේ සිදුවූ බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ඉන්දියානු රජයෙන් තමන් ඉල්ලීමක් කරන බව අග්‍රාමාත්‍ය දි.මු.  ජයරත්න පවසනවා. අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිසක් අද (07) දළඳා සමිඳුන් වැඳපුදා ගැනීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් අමතමින් මේ බව සඳහන් කළා.

 

[MP3]s62545_1[/MP3]                                               

 

මහබෝධි විහාරයට එල්ල වූ ප්‍රහාරය තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කළේ මෙවැනි ප්‍රහාර මගින් බුද්ධ ශාසනය ප්‍රමුඛ බෞද්ධ දර්ශනයේ පැවැත්ම විනාශ කළ නොහැකි බවයි. එමෙන්ම ප්‍රහාරයට වගකිව යුත්තන් හඳුනා ගනිමින් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම ඉන්දීය රජයේ මෙන්ම ආරක්ෂක අංශවල වගකීමක් බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කළා.

 

මහාබෝධි විහාරයට එල්ල වූ මෙම ප්‍රහාරයේ වගකීම ලක් රජය භාර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. කොළඹ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝශප් මයිකල් පෙරේරා මේ බව සඳහන් කළා.

 

[MP3]s62545_2[/MP3]                                  

 

මේ අතර, ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ මහාබෝධි විහාරයට එල්ල වූ මෙම ප්‍රහාරය හෙළා දකින බවයි.

 
[MP3]s62545_3[/MP3]