තේරීම් කාරක සභාව පළමු වරට හෙට රැස්වෙයි.

Monday, 08 July 2013 - 12:55

%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

ජාතික ගැටළුව විසදීම සඳහා පත්කළ  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට (08)  පළමුවරට රැස්වනවා. නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි සඳහන් කළේ සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ සභාපතිත්වයෙන් හෙට පස්වරු 3 ට තේරීම් කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදි රැස්වන බවයි.

[MP3]s62585_1[/MP3]                       

ශ්‍රී ලංකාවාසීන් එක් ජාතියක් ලෙස ජීවත්වීම බලාත්මක කිරීම සඳහා අවශ්‍ය දේශපාලන හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූල පියවර නිර්දේශ කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ලෙස මෙය නම් කර තිබෙනවා. මන්ත්‍රීවරුන් 31 දෙනෙකුගෙන් සමන්විත මෙම තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 19 දෙනාගේ නම් පසුගියදා කථානායකවරයා විසින් ප්‍රකාශයට පත් කළා.  මහාචාර්ය ජී.එල්. පීරිස්, මෛත්‍රීපාල සිරිසේන, ඩග්ලස් දේවානන්දා, ඒ.එල්.එම්. අතාවුල්ලා, ඩිව් ගුණසේකර, රිෂාඞ් බදියුදීන්, චම්පික රණවක, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් ද ඊට ඇතුළත්.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ මෙම තේරීම් කාරක සභාවට තම නියෝජිතයින් මෙතෙක් පත්කර නැහැ. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මුස්ලිම් කොංග්‍රසයද මෙම තේරීම් කාරක සභාවට සහභාගි නොවන බවයි ප්‍රකාශ කර ඇත්තේ. මේ නිසා හෙට මෙම තේරීම් කාරක සභාව රැස්වන්නේ විපක්ෂ නියෝජිතයින් 12 දෙනා නොමැතිවයි. ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්දිරන් මෙම තේරීම් කාරක සභාවට තම සන්ධානය සහභාගි නොවීමට හේතුව පැහැදිළි කළේ මෙලෙසින්.
 
[MP3]s62585_2[/MP3]