දුම්රිය ගමන් වාර 370 න් 360 ක් ම අවලංගුයි.

Monday, 08 July 2013 - 13:00

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB+370+%E0%B6%B1%E0%B7%8A+360+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B6%BA%E0%B7%92.

දුම්රිය සේවකයින් ආරම්භ කර ඇති පැය 48 ක සංකේත වර්ජනය හේතුවෙන් මේ වනවිට ධාවනය කළ යුතු දුම්රිය වාර 370 න් 360 ක් ම  අවලංගු කර ඇති බව ප්‍රධාන දුම්රිය පාලක ගුණපාල විතානගේ පවසනවා. ඔහු කියා සිටියේ ස්ථාන කිහිපයක පමණක් දුම්රිය ධාවනය සිදුකළ බවයි.

[MP3]s62586_1[/MP3]

වැටුප් විෂමතාවය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කළා. වර්ජනය හේතුවෙන් සමුද්‍රදේවි, සාගරිකා දුම්රියන් ගාල්ල දුම්රිය නැවතුම්පළේ ගාල් කර තිබූ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර දුම්රිය සේවකයන්ගේ වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වෙනවා. දුම්රිය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙම සාකච්ඡාව ජනාධිපති ලේකම්වරයා සමග පැවැත්වෙන බවයි.  

[MP3]s62586_2[/MP3]

කෙසේ වෙතත් දුම්රිය වර්ජනය හේතුවෙන් කාර්යාල සේවකයන් ඇතුළු දුම්රිය මගීන් අපහසුතාවයට පත්වුණා. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ දුම්රිය මගීන් කිහිපදෙනෙක්.
 
[MP3]s62586_3[/MP3]