හිටපු ඊජිප්තු ජනපතිගේ ආධාරකරුවන් 40 ක් මරුට.

Monday, 08 July 2013 - 19:25

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+40+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.


ඊජිත්තුවේ හිටපු ජනාධිපති මොහොමඞ් මෝර්සිගේ ආධාරකරුවන් 40 දෙනෙකු පමණ වෙඩි ප්‍රහාරයට ලක්ව අද (08) මිය ගොස් තිබෙනවා. එරට හමුදාව විසින් මොහොමඞ් මෝර්සි පසුගිය සතියේ බලයෙන් නෙරපූ අතර, එයට විරෝධය පළ කරමින් ඔහුගේ ආධාරකරුවන් කයිරෝ අගනුවර නුවර විරෝධතාවයේ නිරත වනවා. එහිදී හමුදා නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකදියි මොවුන් මිය ගොස් ඇත්තේ. මේ අතර, ඊජිත්තුවේ බලය හමුදාව අත්පත් කර ගැනීමෙන් අනතුරුව අන්තර් වාර පාලයක් ප්‍රකාශයට පත් කළා. එහි අග්‍රාමාත්‍ය ධුරය සඳහා පුද්ගලයෙකු පත් කිරීමට අද නියමිතව තිබුණ ද එය මෙතෙක් සිදුව නැහැ.