වාස්ගේ පුතාත් අත්අඩංගුවට ගන්නවා. - රහස් පොලීසිය.

Tuesday, 09 July 2013 - 13:05

%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+-+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මේ මස 19 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ.එම්. සහබ්දීන් අද (09) නියෝග කළා. එදිනට මෙම සිද්ධිය පිළිබද පරීක්ෂණ සිදුකරන්නේ අපරාධ නඩු විධි විධාන සංග්‍රහය යටතේ ද නැතහොත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ද පිළිබදව නීතිපති උපදෙස් ලබාගෙන ඉදිරිපත් කරන ලෙසයි අතිරේක මහේස්ත්‍රාත්වරයා රහස් පොලීසියට දැනුම් දුන්නේ. රහස් පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් තවදුරටත් කියා සිටියේ සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීම සඳහා දින 3ක් ඔහුගේ නිවසට ගිය බවයි. එහෙත් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිද ඊට ඉඩ ලබා නොදී පරීක්ෂණවලට බාධා එල්ල කළ බව ද රහස් පොලීසිය දැනුම් දුන්නා. එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ තම සේවාදායකයාගේ පුත්‍රයා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අද නියෝගයක් ලබාදුනහොත් හෙට (10) ඒ සදහා කටයුතු කරන බවයි. එහෙත් රහස් පොලීසිය තම සේවාදායකයාගේ නිවසට පැමිණියේ ඔහුගේ පුත්‍රයා සොයා නොව වෙනත් කරුණුවලට බව ද නීතිඥවරුන් පෙන්වා දුන්නා.  

 
මේ අතර, රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා බන්ධනාගාර බස් රථයට ගොඩවද්දී බාහිරින් පැමිණි කාන්තාවක් ඔහුට චෝදනා එල්ල කිරීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ බවයි එහි සිටින හිරු වාර්තාකරු සදහන් කළේ. බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන මොහොමඞ් සියාම් නැමැත්තා පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මතයි වාස් ගුණවර්ධන ඇතුළු 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.