සෝමාලි කොල්ලකරුවන් පැහැරගත් නෞකාවක් මුහුදුබත්.

Tuesday, 09 July 2013 - 13:11

%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A.


සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් 2010 වසරේ නොවැම්බර් 26 වන දා පැහැර ගනු ලැබූ මලයාසියාවට අයත් එම්.බී. ඇල්බඩෝ නැමැති නෞකාව මුහුදේ ගිලීම හේතුවෙන් එහි කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකු සහ මුහුදු කොල්ලකරුවන් 7 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් 13 දෙනෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මෙම නෞකාව මුහුදේ ගිලී ඇත්තේ පසුගිය ඉරිදායි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට කෙන්යාව බලා ගමන් කරමින් තිබූ මෙම නෞකාව සෝමාලියානු මුහුදු සීමාවේදී කොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත්වන විට කාර්ය මණ්ඩලයේ 23 දෙනෙකු ගමන් කළා. ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙකු,  පාකිස්තානුවන් 7 දෙනෙකු, බංග්ලාදේශ ජාතිකයන් 7ක්, ඉන්දියානුවන් දෙදෙනෙකු සහ ඉරාන ජාතිකයෙකු කාර්ය මණ්ඩලයේ සිටි බවටයි තොරතුරු ලැබී ඇත්තේ. මිය ගිය අය අතර ශ්‍රී ලාංකිකයන් සිටින්නේ ද යන්න පිළිබද මෙතෙක් අනාවරණය වී නැහැ.