දුම්රිය වර්ජකයන්ට අමාත්‍යාංශයෙන් කැඳවීමක්.

Tuesday, 09 July 2013 - 13:18

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් අදත් දුම්රිය ගමනාගමන කටයුතු අඩාල වුණා. දුම්රිය ගමනාගමන අධිකාරී එල්.ඒ.ආර්. රත්නායක ප්‍රකාශ කළේ වැඩ වර්ජනය හේතුවෙන් අද (09) පෙරවරුවේ ධාවනය කිරීමට හැකි වූයේ දුම්රිය ගමන්වාර 15ක් පමණක් බවයි. කෙසේ වෙතත්, දුම්රිය වැඩ වර්ජනය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා සහ දුම්රිය වෘත්තීය වෘත්තීය සමිති අතර මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙනවා. ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවැත්වෙන එම සාකච්ඡාවට සහභාගිවීමට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න ප්‍රකාශ කළේ සාකච්ඡාවේදී විසදුමක් නොලැබුණහොත් සැලසුම් කළ පරිදි හෙට (10) දිනය දක්වා සංකේත වැඩ වර්ජනය දියත් කරන බවයි.

[MP3]s62653_1[/MP3]                                                  

දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් බොහෝ දුම්රිය ස්ථාන අද (09) දිනයේත් පාළු ස්වභාවයක් ඉසිලූ අතර, ඇතැම් දුම්රිය ස්ථාන වසා දමා තිබුණා. ඇතැම් දුම්රිය ස්ථානවලට මගීන් පැමිණ සිටියේ දුම්රිය ධාවනය වන බවට බලාපොරොත්තුවෙන්. ගම්පහ දුම්රිය ස්ථානයට එසේ පැමිණ සිටි මගීන්ගෙන් කිහිප දෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් දක්වා සිටියා.

[MP3]s62653_2[/MP3]