මෙනන් සහ රනිල් අතර හමුවක්.

Tuesday, 09 July 2013 - 13:33

%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

දිවයිනට පැමිණ සිටින ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශිව්ෂංකර් මෙනන් අද (09) උදෑසන විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මුණ ගැසුණා. එහිදී 13 වන ව්‍යවස්ථා සංශෝධනය සහ උතුරු පළාත් සභා මැතිවරණය පිළිබදව සාකච්ඡා වූ බවයි වාර්තා වන්නේ. උතුරු පළාත් සභා මැතිවරණයට පෙර ගත යුතු පියවර කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය පිළිබදව ද විපක්ෂ නායකවරයා එහිදී ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා දැනුවත් කර තිබෙනවා. එමෙන්ම එක්සත් ජාතික පක්ෂය විසින් ලබාදී ඇති නිර්දේශවලට රජය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවයි විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
 
ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශිව්ෂංකර් මෙනන් අද (09) දහවල් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයින් ද හමුවීමට නියමිතයි.