ඉඩම් පොලිස් බලතල දීමේ ආදීනව ජනපති ඉන්දියාවට පහදයි.

Tuesday, 09 July 2013 - 18:30

%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%AD%E0%B6%BD+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%86%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.

දිවයිනට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක උපදේශක ශිව් ෂංකර් මෙනන් අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාවට නැංවීම පිළිබඳව පොදු එකඟතාවයකට පැමිණීමට ඇති හොඳම වේදිකාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව බව මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ඉන්දීය ආරක්ෂක උපදේශකවරයාට පවසා තිබෙනවා.

 

ශ්‍රී ලංකාව වැනි කුඩා රටක පළාත් ආයතනවලට ඉඩම් හා පොලිස් බලතල පැවරීමේදී උද්ගතවන ප්‍රායෝගික ගැටළු පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිළි කරනු ලැබුවා. මෙහිදී ක්‍රියාවට නැංවෙන ආකෘතිය රටේ සියලූ කොටස්වලට ගැළපෙන හා එකඟවිය හැකි එකක් වියයුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට දෙමළ ජාතික සන්ධානයේ සහභාගීත්වය වැදගත් වන බවට ජනාධිපතිවරයා ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා සමග එහිදී එකඟතාවයකට පැමිණියා. මෙම කාරක සභාවට සහභාගි වන ලෙස දෙමළ ජාතික සන්ධානය උනන්දු කරවන්නැයි ඉන්දියාවෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ කුමන බාධක පැමිණියද මෙම ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාමට රජය කැපවී සිටින බවයි.

 

ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මලයාසියාව අතර සමුදුරු ආරක්ෂාව පිළිබඳ ත්‍රෛපාක්ෂික සාකච්ඡා සඳහා ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා ශ්‍රී ලංකාවට පැමිණියේ ඊයේ දිනයේදියි. ජනාධිපතිවරයාට අමතරව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂවද ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා හමුවුණා. අද දහවල් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හමුවූ ඔහු එහිදී 13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ උතුරු පළාත් සභා මැතිවරණය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

 

මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක, අමාත්‍ය රාවුෆ් හකීම් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් අද දහවල් ශිව් ෂංකර් මෙනන්ව හමුවුණා. එහිදී සාකච්ඡා කෙරුණු කරුණු පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට පැහැදිළි කරන අමාත්‍ය රාවුෆ් හකීම්.

 

[MP3]s62678[/MP3]                            

 

එමෙන්ම ඊයේ (08) දිනයේදී ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන්ද හමුවුණා.

 

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉන්දීය ආරක්ෂක උපදේශක ශිව් ෂංකර් මෙනන්ගේ දෙදින නිල සංචාරය පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබුණා. ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘති, මෙරට නැවත පදිංචි කිරීම්, ඉන්දීය ආධාර යටතේ සිදු කෙරෙන දුම්රිය මාර්ග නවීකරණ කටයුතු, දෙරටේ ධීවර ගැටළුව සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවද ආරක්ෂක උපදේශකවරයා මෙරට නියෝජිතයන් සමග සාකච්ඡා කළ බවයි එහි දැක්වෙන්නේ.