විශේෂ කාරක සභාව ජනතා අදහස් ලබාගැනීමට සූදානම්.

Wednesday, 10 July 2013 - 7:25

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

ජාතික ගැටළුවට විසඳුම් සෙවීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාකච්ඡා වන කරුණු සම්බන්ධයෙන් රටේ සිවිල් සංවිධානවලට සහ ජනතාවට අදහස් දැක්වීමට අවස්ථාව සලසන බව එය නියෝජනය කරන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. එම විශේෂ කාරක සභාව ඊයේ (09) රැස්වීමෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

 

[MP3]s62697_1[/MP3]

 

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ සභාපතිත්වයෙන් ඊයේ (09) රැස්වුණු විශේෂ කාරක සභාවට විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු සහභාගි වූයේ නැහැ. විශේෂ කාරක සභා රැස්වීමට ආණ්ඩු පක්ෂ නියෝජිතයන් 19 දෙනාම පැමිණ සිටියා.  එක්සත් ජාතික පක්ෂය ඊයේ (09) පැවති සිය පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදි විශේෂ කාරක සභාවට සහභාගි නොවීමට තීරණය කළා. විශේෂ කාරක සභාව පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් මයිකල් පෙරේරා.

 

[MP3]s62697_2[/MP3]                                                                                             

 

කෙසේ වෙතත්, අමාත්‍ය වාසුදේව නානායක්කාර සඳහන් කළේ විපක්ෂය ඊට සහභාගි නොවීම වගකීම් පැහැර හැරීමක් බවයි.

 
[MP3]s62697_3[/MP3]