බස් වර්ජනයක් නැහැ. - ඇමති සී.බී

Wednesday, 10 July 2013 - 12:50

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%93.%E0%B6%B6%E0%B7%93

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අද (10) මධ්‍යම රාත්‍රියේ සිට දියත් කිරීමට සැලසුම් කර ඇති දීප ව්‍යාප්ත වැඩවර්ජනය නැවැත්වීමට ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා බව පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී.රත්නායක ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ බස් හිමියන් වෙත ලබාදිය හැකි සියලූ සහන ලබා දීමට රජය දැනටමත් කටයුතු කර ඇති බවයි.

 
[MP3]s62723_1[/MP3]
අද මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක කිරීමට නියමිත බස් වර්ජනය සම්බන්ධයෙන් බස් සංගම් අතරද ඇත්තේ විවිධ අදහස්. බස් වර්ජනයට සහභාගි නොවන බවට දකුණු පළාත් අන්තර් ප්‍රවාහන බස් සංගමය ප්‍රකාශ කර අවසන්. සීමාසහිත පොළොන්නරුව මගී ප්‍රවාහන සමාගමේ කළමනාකරු ඩබ්ලිව්. දයානන්ද හිරු ප්‍රවෘත්ති අංශයට පැවසුවේ තම සංගමය ද මෙම බස් වර්ජනයට සහභාගි නොවීමට තීරණය කළ බවයි.

[MP3]s62723_2[/MP3]

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම වැඩවර්ජනය දියත් කරනු ලබන්නේ ජූලි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ බස් ගාස්තු සංශෝධනය ලබා නොදීමට විරෝධය පළ කරමින්. කෙසේ වෙතත්, සැලසුම් කළ පරිදි මෙම වර්ජනය දියත් කිරීමට කටයුතු කරන බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ.

[MP3]s62723_3[/MP3]