නාමයෝජනා ජූලි 24 - 31 දක්වා හෝ ජූලි 25 සිට අගෝස්තු 01 දක්වා.

Wednesday, 10 July 2013 - 12:51

%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%A2%E0%B7%96%E0%B6%BD%E0%B7%92+24+-+31+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B7%9D++%E0%B6%A2%E0%B7%96%E0%B6%BD%E0%B7%92+25+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%9C%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+01+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F.


 

උතුර, මධ්‍යම සහ වයඹ පළාත් සභා ඡන්ද විමසීමට අදාළව නාම යෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය අද (10) හෝ හෙට (11) නිකුත් කිරීමට නියමිතයි. මැතිවරණ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අද ගැසට් නිවේදනය නිකුත් කළහොත් මේ මස 24 වැනිදා සිට 31 වැනිදා දක්වා නාම යෝජනා කැඳවනු ඇති බවයි. යම් හෙයකින් ගැසට් නිවේදනය හෙට නිකුත් කළහොත් මේ මස 25 වැනිදා සිට අගෝස්තු මස පළමුවැනිදා දක්වා නාමයෝජනා කැඳවනු ඇති. සැප්තැම්බර් මස 21 වැනිදා හෝ 28 වැනිදා ඡුන්ද විමසීම පවත්වන බවට මැතිවරණ කොමසාරිස්වරයා දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා.

 
මේ අතර, උතුරු සහ නැගෙනහිර අභ්‍යන්තර අවතැන්වූවන්ට අභියාචනා කිරීමට ලබා දුන් කාලය ඊයේ මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වුණා. නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඞ් සඳහන් කළේ මේ වනවිට ලැබී ඇති අයදුම්පත්‍ර පිළිබඳ සංගණනයක් සිදුකෙරෙන බවයි. 7000 කට අධික උතුරු නැගෙනහිර අභ්‍යන්තර අවතැන්වූවන් ඡන්ද දායකයන් ලෙස ලියාපදිංචිය සඳහා මේ වනවිට ඉල්ලූම් කර තිබෙනවා.