එල්.ටී.ටී.ඊ. යේ හිටපු ගෞරි මිය යයි.

Wednesday, 10 July 2013 - 18:56

%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%A7%E0%B7%93.%E0%B6%A7%E0%B7%93.%E0%B6%8A.+%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%9C%E0%B7%9E%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

සිරුරට ගිනි තබාගැනීම නිසා බරපතල පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගතකර සිටි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බර අවි අංශයේ හිටපු සාමාජිකාවක් වන කන්දසාමි පුවනේෂ්වරී හෙවත් ගෞරී අද (10) කළුබෝවිල රෝහලේදි ජීවිතක්ෂයට පත්වුණා. දින 20 කට අධික කාලයක් ඇය රෝහලේ ප්‍රතිකාර ලැබූ අතර මියයනවිට ඇගේ වයස අවුරුදු 24 ක්. යුද්ධය අවසන්වීමෙන් පසුව යුද හමුදාව වෙත භාරවූ ඇය පුනරුත්ථාපනය වීමෙන් අනතුරුව රත්මලාන තෙලවල ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියා.

කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන ගෞරී, අදාළ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටි මාතර - දෙයියන්දර ප්‍රදේශයේ පදිංචි අනුරුද්ධ දහනායක සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකරගෙන තිබෙනවා. පසුව ඔවුන් දෙදෙනා නේවාසිකාගාරයක එක්ව වාසය කර ඇති අතර පසුගිය ජුනි මස 21 වැනිදා ගෞරී සිය ශරීරයට ගිනි තබාගෙන ඇත්තේ අනුරුද්ධ සමග ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන්. එහිදී ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන්  27 හැවිරිදි අනුරුද්ධ දහනායක හිරු ප්‍රවෘත්ති අංශයට පැහැදිළි කළා.

[MP3]s62747[/MP3]                

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. මියගිය කන්දසාමි පුවනේෂ්වරීගේ දේහය මේ වනවිට කළුබෝවිල රෝහලේ තැන්පත් කර තිබෙනවා.