දුරගමන් සේවා බස් රථ දෙකකට බේරුවලදී ප්‍රහාරයක්.

Thursday, 11 July 2013 - 8:55

%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දෙයියන්දර - කොළඹ සහ කතරගම - කොළඹ දුරගමන් සේවා බස් රථ 2 කට බේරුවලදී අද උදෑසන ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. බේරුවල පොලීසිය සඳහන් කළේ බස් රථවල ඉදිරිපස වීදුරුවලට මෙම ප්‍රහාරයෙන් හානි සිදුව ඇති බවයි. ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ. අද දිනයේ ක්‍රියාත්මක පෞද්ගලික බස් රථ වර්ජනය නොතකා මෙම බස් රථ ධාවනය කර තිබෙනවා. ඊට එරෙහිවූ පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලීසිය සැක කරන්නේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිටත් පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවයි බේරුවල පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක හැර අනෙකුත් සියලූම මාර්ගවල බස් රථ ධාවනය වන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ඒ පිළිබඳව මහනුවර මධ්‍යම බස් නැවතුම්පළේ සිට තොරතුරු ගෙන එන හිරු වාර්තාකරු ආර්.එම්.ආර්. රත්නායක.

[MP3]s62779_1[/MP3]                                  


 අනුරාධපුර ප්‍රධාන බස් නැවතුම්පලෙන් ආරම්භවන සියලූම පෞද්ගලික බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය වන බවයි හිරු වාර්තාකරු අතුල බණ්ඩාර සඳහන් කළේ.


[MP3]s62779_2[/MP3]                            

මේ අතර මාර්ග කිහිපයක හැර සෙසු මාර්ගවල සාමාන්‍ය පරිදි පෞද්ගලික බස් රථ ධාවනය වන බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.