වාස්ගේ පුතා අත්අඩංගුවට ගන්නැයි නියෝග.

Thursday, 11 July 2013 - 12:46

%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C.



හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ පුත් රවිඳු ගුණවර්ධන අත්අඩංගුවට ගන්නා ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස අද (11) වරෙන්තු නිකුත් කළා. ඒ ශිෂ්‍යයෙකුට පහරදීමේ සිද්ධියකට අදාළ නඩුවකට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්. මාළඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබූ නිපුණ රාමනායක සිසුවා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළ නඩුව අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබුවා. 2009 අගෝස්තු මස 9 වැනිදා සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුත්‍රයාට සහ ඔහුගේ බිරිඳට චෝදනා එල්ල වී තිබෙනවා.  මේ සම්බන්ධයෙන් නිපුණ රාමනායක සිසුවාගේ පාර්ශවය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරනු ලැබුවා.
 

මේ අතර, බම්බලපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීම අදාළව නඩුවට ද රවිඳු ගුණවර්දන අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව රහස් පොලිසිය පසුගියදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.