ඡන්දයේ නාමයෝජනා 25 ඇරඹේ.

Thursday, 11 July 2013 - 12:50

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+25+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.

උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා ඡන්ද විමසීමට අදාළව නාමයෝජනා කැඳවීම මේ මස 25 වැනිදා සිට අගෝස්තු මස පළමුවැනිදා දක්වා සිදුකෙරෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. ඊට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති බව සඳහන්. මේ මස 31 වැනිදා මධ්‍යහ්න 12 න් ස්වාධීන කණ්ඩායම්වලට ඇප තැන්පත් කිරීම සඳහා ලබා දුන් කාලය අවසන් වන අතර නාමයෝජනා කාලසීමාව අගෝස්තු මස පළමුවැනිදා මධ්‍යහ්න 12 න් අවසන් වනු ඇති. ඉන් අනතුරුව පැයක කාලයක් විරෝධතා ගොනු කිරීම සඳහා අවස්ථාව හිමි වනවා. ඒ අනුව, පළාත් සභා ඡන්ද විමසීම මෙවර පැවැත්වෙන්නේ 2012 ඡන්ද හිමි නාම ලේඛණයට අනුවයි.

 
මේ අතර, දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමසාරිස්වරයා අතර සාකච්ඡාවක් හෙට පැවැත්වෙනවා. උතුර, වයඹ සහ මධ්‍යම ඡන්ද විමසීමට අදාළව දේශපාලන පක්ෂ සහ මැතිවරණ කොමසාරිස්වරයා අතර සිදුකෙරෙන පළමු සාකච්ඡාව මෙයයි.