උතුරු කොරියාවෙන් ඇමරිකාවට චෝදනා.

Thursday, 11 July 2013 - 13:04

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර පවතින ගැටුම්වලට ඇමරිකාව වගකිව යුතු බවට උතුරු කොරියාව චෝදනා කරනවා. දකුණු කොරියාව සහ ඇමරිකාව ඒකාබද්ධව පවත්වන යුධ අභ්‍යාස තම රට හෙළා දකින බවයි උතුරු කොරියාව පවසන්නේ. කෙසේ වෙතත්, මේ වනවිට උතුරු කොරියාව සහ දකුණු කොරියාව ගැටුම් නිරාකරණය කර ගැනීම සඳහා ඍජු සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙසයි දෙරට වෙන් කරන මායිමේ පිහිටි කයිසෝන් නමැති නිදහස් වෙළඳ කලාපය ලබන සෙනසුරාදා හෝ ඉරිදා දිනයේදී විවෘත කිරීමට සැලසුම් කර ඇත්තේ. එහි දකුණු කොරියානු ව්‍යාපාරික ආයතන 120 ක උතුරු කොරියානුවන් 53,000ක් සේවය කරනවා.