‘‘බලය’’ කඳවුරු බඳී.

Friday, 12 July 2013 - 7:56

%E2%80%98%E2%80%98%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E2%80%99%E2%80%99+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B6%E0%B6%B3%E0%B7%93.

ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් වංශ කතාව නැවත ලියන හිරු ටී.වී. නාළිකාව මෙරට දේශපාලන සංවාද කරලිය තුළ ද හිරු ලකුණ සටහන් කිරීම ඊයේ ආරම්භ කරනු ලැබුවා. ඒ, මෙරට රූපවාහිණී දේශපාලන සංවාද කරලියට නැවුම් වෙනසක් ගෙන එමින් ආරම්භ කළ බලය දේශපාලන වැඩසටහනත් සමඟයි. සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රි 10 ට සිට මධ්‍යම රාත්‍රිය දක්වා මෙම බලය දේශපාලන වැඩසටහන මින් ඉදිරියට විකාශනය වනවා. ජනතාව සතු පරමාධිපත්‍ය බලය ආරක්ෂා කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන හිරු ටී.වී. බලය දේශපාලන වැඩසටහන විකාශනය කරන්නේ එය තවදුරටත් තහවුරු කිරීමටයි.

ඊයේ මංගල වැඩසටහන ඇරඹූ බලය දේශපාලන කථිකාවට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් කෙහෙළිය රඹුක්වැල්ල සහ පාඨලී චම්පික රණවක යන අමාත්‍යවරුන් එක්ව සිටියා. විපක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාද එක්වුණා.

13 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනසකට ලක් කිරීම සම්බන්ධයෙන් රජය තුළද එකගතාවයක් නොමැති බව මෙම සංවාදයේ එක් අවස්ථාවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළා. අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එහිදී මෙලෙස සංවාදයට එක්වුණා.

[MP3]s62840[/MP3]