මනම්පිටියේ අනතුරෙන් තුවාල ලැබූ 18 ක් රෝහලේ.

Friday, 12 July 2013 - 10:07

%E0%B6%B8%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+18+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A.



පොළොන්නරුව - මඩකලපුව මාර්ගයේ මනම්පිටිය - කොටලීය පාලම අසලදී අද අලූයම 3.20 ට පමණ සිදුවූ බස් රථ අනතුරෙන් තුවාල ලැබූ කාන්තාවන් 8 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 10 දෙනෙකු පොළොන්නරුව රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා. අනතුරෙන් රියදුරු ඇතුළු 3 දෙනෙකු මියගිය අතර, ඔවුන් කලවංචිකුඩි සහ වාලච්චේන ප්‍රදේශවල පදිංචිකරුවන්. කොළඹ පැවති සමෘද්ධි රැස්වීමකට සහභාගි වී මඩකලපුව බලා යමින් සිටි පිරිසක් ගමන් කළ පෞද්ගලික බස් රථයක් මෙසේ අනතුරට ලක්වූයේ ගසක හැපීමෙන්. අනතුරට ලක්වන විට බස් රථයේ රියදුරු ඇතුළු 23 දෙනෙකු ගමන් කර තිබෙනවා.