උ.පෙළ විභාගයේ ප්‍රවේශපත්‍ර කඩිනමින් ලබාදිය යුතුයි. - වි.කො. කියයි.

Friday, 12 July 2013 - 11:07

%E0%B6%8B.%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+-+%E0%B7%80%E0%B7%92.%E0%B6%9A%E0%B7%9C.+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.


අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර මෙතෙක් ලබාදී නොමැතිනම්, ඒවා වහාම ලබාදීමට පාසල් ප්‍රධානීන් කටයුතු කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාරගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පසුගිය මස 25 වැනිදා සියලූ පාසල් ප්‍රධානීන් වෙත ප්‍රවේශපත්‍ර තැපැල් කර යවා ඇති බවයි. එහෙත්, ඇතැම් පාසල් ප්‍රධානීන් එම ප්‍රවේශ පත්‍ර මෙතෙක් බෙදා දී නොමැති බවට විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ලැබී තිබෙනවා. එම නිසා මේ සම්බන්ධයෙන් ගැටලූවක් පවතී නම්, විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංක 1911 හෝ  0112 78 42 08, 0112 78 45 37 හෝ 0113 18 83 50 යන දුරකථන අංක ඇමතීමෙන් ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.



අංගොඩ ලොක්කාගේ ඡායාරූප සැසදේ
Tuesday, 04 August 2020 - 19:42

ඉන්දියාවේදී මියගොස් ඇති බවට වාර්තා වන මද්දුමගේ චන්දන ලසන්ත... Read More

ඡන්ද පෙට්ටි බෙදා හැර අවසන්
Tuesday, 04 August 2020 - 19:35

මහ මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම... Read More

දියණිය ඝාතනය කළ පියාට මරණ දඩුවම
Tuesday, 04 August 2020 - 19:05

තම දියණිය ඝාතනය කළ පියාට නුවරඑළිය මහා අධිකරණ විනිසුරු ප්‍රමිල... Read More