ජනතාවට ප්‍රායෝගික කඩිනම් විසඳුම් දෙන්න. - ජනපති.

Friday, 12 July 2013 - 18:46

%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

දීර්ඝ කාලීන ගැටළුවලට ජනතාවට අවශ්‍ය සැලසුම් නොව ප්‍රයෝගික කඩිනම් විසඳුම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පරිසර සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අද (12) අමතමින්. මනුෂ්‍ය ජීවිතයක වටිනාකම දැඩි ලෙස සලකා බලා ඩෙංගු උවදුර මැඞීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. වියදම පිළිබඳව නොව ස්ථිරසාර විසඳුමක් ඒ සඳහා ලබාදීමට අවදානය යොමුකරන ලෙසයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේ. කැළි කසල ගැටළුවට විසඳුම් සෙවීමේදී සැලසුම් සහ සාකච්ජාවලින් බැහැරව ප්‍රායෝගික සහ කඩිනම් ක්‍රමවේදයකට එළැඹිය යුතු බවද ජනාධිපතිවරයා මෙම සාකච්ජාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළා. සාකච්ජාවට එක්වෙමින් අදහස් දැක්වු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා.

 
[MP3]s62886[/MP3]