උතුර, වයඹ, මධ්‍යම ජන්දයට වියදම මිලියන 1500ක්.

Friday, 12 July 2013 - 18:51

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%2C+%E0%B7%80%E0%B6%BA%E0%B6%B9%2C+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B6%B8+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+1500%E0%B6%9A%E0%B7%8A.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත වයඹ, මධ්‍යම සහ උතුරු පළාත් සභා මැතිවරණ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සහ පාර්ශවයන් කිහිපයක් අතර අද (12) සාකච්ඡා පැවැත්වුණා. ඒ, රාජගිරියේ පිහිටි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේයි. පක්ෂ ලේකම්වරුන්, මැතිවරණ නිරීක්ෂණ ජාල සහ විභාග කොමසාරිස්වරයා අතරයි මෙම සාකච්ඡා පැවැත්වුණේ. කෙසේ වෙතත්, අද  (12) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේ පළාත් සභා ජන්දයට රුපියල් මිලියන 1500ක් පමණ වැය වනු ඇති බවයි.

 

[MP3]s62887_1[/MP3]

 

මේ අතර, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සහ විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර අතර අද (12) පස්වරුවේ හමුවක් පැවැත්වුණා. අගෝස්තු මාසයේ පැවැත්වෙන විභාගවලදී සිසුන්ට බාධාවක් නොවන අයුරින් මැතිවරණ කටයුතු සිදුකිරීම පිළිබදව එහිදී සාකච්ඡා කළ බවයි විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර කියා සිටියේ.

 

[MP3]s62887_2[/MP3]     

 

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අදාළ කාලසීමාව තුළ පවතින නීතිරීති පැහැදිලි කළේ මෙලෙසින්.

 

[MP3]s62887_3[/MP3]

 



මේ අතර, පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමසාරිස්වරයා අතර හමුවක් ද අද (12) පස්වරුවේ පැවැත්වුණා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කළේ රාජ්‍ය දේපළ මැතිවරණවලට යොදා ගැනීම පිළිබදව මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කළ බවයි.

 

[MP3]s62887_4[/MP3]                                                  

 

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සාකච්ඡාවට පැමිණ සිටියේ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොශප් මයිකල් පෙරේරායි. අද (12) පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා.

 

[MP3]s62887_5[/MP3]                                                          

           

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ද සඳහන් කළේ උතුරු ප්‍රදේශයේ සිවිල් කටයුතු සඳහා පොලීසිය යොදා ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් තමන් ඉල්ලීමක් කළ බවයි.

 

[MP3]s62887_6[/MP3]                                                   

 

ආණ්ඩුව නියෝජනය කරමින් විදුලිබල හා බලශක්ති ඇමතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චි ද සාකච්ඡාවට එක්වුණා. ඇය විපක්ෂයේ ඉල්ලීම් සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා දැක්වූ ප්‍රතිචාරය මෙලෙස පැහැදිලි කළා.

 
[MP3]s62887_7[/MP3]