මැතිසබය කල් තැබීම ගැන එජාපයෙන් චෝදනා.

Friday, 12 July 2013 - 19:12

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%B6%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

ඝන පූර්ණය නොමැතිවීම හේතුවෙන් අද (12) පාර්ලිමේන්තුව කල් තැබීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මාධ්‍ය සාකච්ඡාවක් කැදවා තිබුණා. එහිදී එම පක්ෂය කියා සිටියේ කල් තැබීමේ විවාදයක් අතරතුර ඝන පූර්ණය නොමැති බව ප්‍රකාශ කරමින් අද (12) සිදුවූ පාර්ලිමේන්තුව කල් තැබීම පාර්ලිමේන්තු සම්ප්‍රදායන්වලට පටහැනි බවයි. එසේම කල් තැබීම සිදුවීමට පෙර මූලාසනයේ රැදී සිටි මන්ත්‍රීවරයා විවාදයට අවස්ථාව ලබාදී තිබූ බව ද ඔවුන් හෙළි කළා. මේ සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියට සහ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බවයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේ.

[MP3]s62894[/MP3]