සම්බන්ධන් ජනපති හමුවෙයි.

Saturday, 13 July 2013 - 8:11

%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

වියදම ගැන නොසිතා ඩෙංගු උවදුර මර්ධනය කිරීමට ස්ථීර විසදුමක් ලබාදෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ (12) අමතමින්.

 

[MP3]s62905_1[/MP3]

 

මදුරු මර්ධන සේවකයන්ට සම්බන්ධ ඉතිහාස කතාවක් ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා.

 
[MP3]s62905_2[/MP3]

 

මේ අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් අතර සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා. උතුරු පළාත් මැතිවරණය සම්බන්ධයෙන් තමන් මෙහිදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවයි සම්බන්ධන් මන්ත්‍රීවරයා ඉන්දීය පී.ටී.අයි. ප්‍රවෘත්ති සේවයට පවසා ඇත්තේ. ජාතික ගැටළුවට බලපාන නොවිසඳුණු කරුණු සම්බන්ධයෙන් විසදුමක් ගෙන ඒමට ජනාධිපතිවරයා මෙහිදී සිය කැමැත්ත පළ කළ බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා. උතුරු පළාත් මැතිවරණය නිදහස් සහ සාධාරණ අන්දමින් පැවැත්වීම සම්බන්ධයෙන් ද දෙමළ සන්ධාන නායකයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග අදහස් හුවමාරු කර ගත් බවයි පී.ටී.අයි. ප්‍රවෘත්ති සේවය සදහන් කළේ. එක්සත් නොබෙඳුණු රටක් තුළ පිළිගත හැකි ක්‍රියාකාරී තිරසාර දේශපාලන විසදුමක් සඳහා නැඹුරුවීමට තම පක්ෂය සූදානම් බවයි සම්බන්ධන් මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රතිඥා දී ඇත්තේ.