තලෙයිබාන්වරුන්ට මලාලාගෙන් පාඩමක්.

Saturday, 13 July 2013 - 8:36

%E0%B6%AD%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

පාකිස්තානයේ ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනයට අකුල් හෙළන තලෙයිබාන්වරුන් පොත් සහ පෑන්වලින් වියපත් වන බව මලාලා යුසුෆායි ජගත් සංවිධානය අමතමින් ඊයේ (12) ප්‍රකාශ කළා. මීට මාස 9කට පෙර පාකිස්තාන ස්වොට් නිම්නයේ දී තලෙයිබාන් වෙඩි පහරින් දරුණු තුවාල ලබා බ්‍රිතාන්‍යයේ දී සුවය ලැබූ මලාලාට ජගත් සංවිධානය ඇමතීමට අවස්ථාව ලැබුණේ ඇගේ 16 වන උපන් දිනයේදියි. ඝාතනයට ලක්වූ හිටපු පාකිස්තාන අගමැතිනී බෙනාසීර් භූතෝට අයත් ෂෝල් සළුවකින් සැරසුණු ඇය ජගත් සංවිධාන මහා මණ්ඩලය අමතද්දී ඊට සවන්දීම සඳහා ලොව පුරා වයස අවුරුදු 12ත්, 25ත් අතර යෞවන යෞවනියන් 500 දෙනෙකු එහි පැමිණ සිටියා.

 

මලාලා එහිදී කියා සිටියේ ත්‍රස්තවාදීන්ට සිය අපේක්ෂාවන් සහ බලාපොරොත්තු බිද දැමීමට නොහැකි වූ බවයි. ඔවුන්ගේ ප්‍රහාරයෙන් සිය බිය සහ අපේක්ෂා භංගත්වය පහ වී බලය, ශක්තිය සහ ධෛර්යය වර්ධනය වූ බවයි මලාලා කියා සිටියේ. මලාලා යුසුෆායි තලෙයිබාන්වරුන්ගේ වෙඩි පහරට ලක්වූයේ ඇය පාකිස්තාන ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගූ නිසයි. තලෙයිබාන්වරුන් ඇතුළු සියළු ත්‍රස්තවාදී කණ්ඩායම්වල සාමාජිකයන්ගේ දරුවන්ට ද අධ්‍යාපනයක් හිමි විය යුතු බව මලාලා එහිදී අවධාරණය කළා. මලාලා යුසුෆායි මෙවර නොබෙල් සාම ත්‍යාගය සඳහා ද නම් කර සිටිනවා.